ජීවිතේ කියන්නේ මොන තරම් අවිනිශ්චිත දෙයක්ද කියලා හිතෙන තවත් හද කම්පා කරවන කඳුළු කතාවක් අද උදේ ආණමඩුව පැත්තෙන් අහන්න ලැබුණා. තමන්ගේ පණ වගේ ආදරේ කරන දුවලා දෙන්නව ඉස්කෝලෙට ඇරලලා ගෙදර යන්න ආපු තාත්තා කෙනෙක්ට, ආයේ කවදාවත් ගෙදර යන්න නොලැබුණු අවාසනාවන්ත අනතුරක් තමයි මේ විදිහට වාර්තා වෙන්නේ.
මෙලෙස අවාසනාවන්ත විදිහට ජීවිතෙන් සමුගත්තේ ආණමඩුව, ඌරියාව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි දුමින්ද සඳරුවන් වික්‍රමආරච්චි නැමැති යුද හමුදා කොප්රල්වරයායි. ත්‍රිකුණාමලයේ දීර්ඝ පුහුණුවකින් පස්සේ ඉකුත් 19 වෙනිදා ගෙදර ආපු මේ ආදරණීය තාත්තා, අද (20) ආයෙත් සේවයට වාර්තා කරන්නයි ලෑස්ති වෙලා හිටියේ.
ඒත් ඒ යන්න කලින්, ආණමඩුව කන්නන්ගර ආදර්ශ මහා විද්‍යාලයේ 5 සහ 8 වසරවල ඉගෙනගන්න තමන්ගේ දුවලා දෙන්නව යතුරුපැදියෙන් ඉස්කෝලෙට ඇරලලා එද්දී තමයි ඔහු මේ මහා ඛේදවාචකයට මුහුණ දුන්නේ. විශේෂම දේ තමයි මේ දරුවන්ගෙන් එක් දැරියක් මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින්න හිටපු දරුවෙක්.

ආණමඩුව පරමාකන්ද මංසන්දිය අසලදී තමයි මේ බිහිසුණු අනතුර වෙලා තියෙන්නේ. පුත්තලම ඉඳන් කුරුණෑගලට ධාවනය වුණු ලංගම බස් රථයක රියදුරුට වේගය පාලනය කරගන්න බැරිවීමෙන් ඔහු ගමන් කළ යතුරුපැදියේ ගැටිලා තියෙනවා.
අනතුරේ බිහිසුණුකම කොච්චරද කියනවා නම්, බස් රථය යතුරුපැදිකරුවත් යටකරගෙන මීටර් 100කට ආසන්න දුරක් ඇදීගෙන ගිහින් තමයි නැවතිලා තියෙන්නේ. අනතුරින් යතුරුපැදියත් සම්පූර්ණයෙන්ම කුඩුපට්ටම් වෙලා ගිහින්.
පොලිසිය කියන විදිහට මේ අනතුර වුණු පරමාකන්ද මංසන්දිය අවට මීටර් 100ක සීමාව කියන්නේ නිතරම වගේ මාරක රිය අනතුරු වෙන 'අධි අවදානම් කලාපයක්'. ඉතින් වේගය පාලනය කරගන්න බැරිව ලංගම බස් රථය කරපු මේ නොසැලකිලිමත්කම නිසා අහිංසක දරුවෝ දෙන්නෙකුට තමන්ගේ ආදරණීය තාත්තා සදහටම අහිමි වුණා.
මේ වගේ නොසැලකිලිමත් රියදුරන් නිසා තවත් කී දෙනෙක්ට නම් මෙහෙම ජීවිතෙන් වන්දි ගෙවන්න වෙයිද? තාත්තා නැතිවූ ඒ දරු පැටවුන්ටත්, බිරිඳ ඇතුළු පවුලේ අයටත් මේ දුක දරාගන්න ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු!

Post a Comment