ඔන්න ඉතින් වැස්ස ගැන කතා කර කර හිටපු අපිට දැන් ආයෙමත් ඇඟම පිච්චිලා යන තරමේ දැඩි උණුසුමක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. ඔබත් මේ කියන පළාත්වල ඉන්න කෙනෙක් නම්, අද (20) දවල්ට එළියට පහලියට බහිනකොට දෙපාරක් හිතන්නම වෙනවා!
ස්වභාවික විපත් පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ඊයේ (19) නිකුත් කරපු මේ නිවේදනයට අනුව, අද දවසේ නැගෙනහිර පළාත ඇතුළු දිස්ත්‍රික්ක 5කට මේ දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය බලපානවා.
අනතුරු ඇඟවීම නිකුත් කළ දිස්ත්‍රික්ක: නැගෙනහිර පළාතට අමතරව කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, පොලොන්නරුව සහ මොනරාගල.
කාලගුණයෙන් කියන විදිහට මේ ප්‍රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටම දක්වාම ඉහළ යනවාලු. ඒ කියන්නේ ඇඟට දැනෙන රස්නය ලේසි පාසු වෙන්නේ නෑ!

මේ පිච්චෙන අව්වෙන් බේරෙන්න නම් මේ දේවල් අනිවාර්යයෙන්ම කරන්න කියලා සෞඛ්‍ය අංශ සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා:
ගොඩක් වතුර බොන්න: තිබහ නැතත් නිතර නිතර පිරිසිදු ජලය පානය කරන්න.
අව්වේ යන්න එපා: දිගු වේලාවක් සෘජුවම සූර්යාලෝකයට නිරාවරණය වීමෙන් වළකින්න.
එළිමහන් වැඩ සීමා කරන්න: දවල් කාලයේ වැඩිම රස්නයක් තියෙන වෙලාවට එළිමහනේ කරන වෙහෙසකර කටයුතු වලින් ඈත් වෙන්න.
ඉතින් මේ පළාත්වල ඉන්න අය අද දවසේ තමන්ගේ සෞඛ්‍යය ගැන වෙනදටත් වඩා සැලකිලිමත් වෙන්න.

Post a Comment