දුටුගැමුණු මහ රජුට ලක්දිව එක්සේසත් කරන්නට දිවි හිමියෙන් සහය වූ කෙනෙක් තමයි කඩොල් ඇතා කියන්නේ. ඉතිං සද්ධන්ත ඇත් රජාගේ දළ යුග්මය අදටත් සුරැකිව පවතින්නේ කතරගම මහා දේවාලයේ. විජිතපුර බලකොටුව පරදා එළාර රජු සමඟ පැවති අවසන් ද්වන්ද සටනේදී රජුට සෙවනැල්ලක් වූ මේ මඟුල් ඇතු රජුගේ වියෝවෙන් පස්සේ අසනීප වෙලත් ඉදලා තියෙනවා. ඊටත්පස්සේ යුදඟණාව චෛත්‍යය අසලදී මේ ඇත් රජු සදහටම අපෙන් සමුගන්නවා.
ඊටපස්සේ රාජ්‍යත්වයට පත්වෙච්ච සද්ධාතිස්ස රජතුමා කෘතගුණ සැලකීමක් විදියට මේ සුවිශේෂී දළ යුගලය කතරගම දෙවොලට පූජා කරලා තියෙනවා. වසරකට වරක් කතරගම පෙරහැරේ සයවැනි දින රාත්‍රියේ පමණක් දේවාලයේ රහස් කුටියෙන් බැහැරට ගෙනහල්ලා මහජන ප්‍රදර්ශනයට තියෙනවලු. මේ අරුම පුදුම දේ ගැන කෝකිල විතානතන්ත්රී ෆේස්බුක් පිටුවේ ලියලා තිබුනා..
මේ දේ කරන්නේ රට එක්සේසත් කරපු නරපතියාටයි ඇත් රජුට කෙරෙන උත්තමාචාරයක් විදියටයි.
credit goes to respective owners
මේ දේ කරන්නේ රට එක්සේසත් කරපු නරපතියාටයි ඇත් රජුට කෙරෙන උත්තමාචාරයක් විදියටයි.
credit goes to respective owners

Post a Comment