අපි හැමෝම අද වෙනකොට ගත කරන්නේ ගොඩක් කාර්යබහුල ජීවිත. ඒ නිසා බොහෝ දෙනාගේ ඉවුම් පිහුම් රටාවත් අද වෙද්දී වෙනස් වෙලා.
ඒත් සමහර වෙලාවට මේවගේ වෙනස්වීම් ගොඩක්ම දැනෙන්නේ අපේ මුදල් පසුම්බියට නේ. කොහොම හරි, ගෑස් ලිපේ උයන ඔයාට මේ ඇසෙන කතාව නම් ගොඩක් වැදගත් වේවි..
අපි උයන පිහියන රටාව පොඩ්ඩක් වෙනස් කළොත් මාසයකට යන ගෑස් ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි කරගන්න පුළුවන් කියලා ඔබ දැනගෙන හිටියාද..?
මෙන්න මේ සරල පියවර අත්හදා බැලුවොත් ඔබටත් ඒ වාසිය ලබාගන්න පුළුවන් වේවි..
නිල් පාට දැල්ල පරීක්ෂා කරන්න අමතක කරන්න එපා
ඔබේ ගෑස් ලිපේ දැල්ල තැඹිලි හෝ කහ පාට නම්, එයින් අදහස් වන්නේ ගෑස් අපතේ යන බවයි. ලිපේ බර්නර් පිරිසිදු කිරීමෙන් දැල්ල නිල් පාට කරගන්න. නිල් පාට දැල්ලෙන් උපරිම තාපය ලැබෙන නිසා ඉක්මනින් ආහාර පිසගත හැක.

භාජනයේ පතුලේ වතුර පිසදමන්න
ලිප තැබීමට පෙර භාජනයේ පිටත ඇති වතුර තෙතමනය රෙදි කැබැල්ලකින් පිසදමන්න. එසේ නොකළහොත් එම වතුර ටික වේලීමටත් අනවශ්‍ය ලෙස ගෑස් වැය වේ.
භාජනය වසා පිසින්න
හැකි සෑම විටම භාජනය පියනකින් වසා පිසීමට පුරුදු වන්න. එමගින් තාපය පිටතට යාම වැළැක්වී ආහාර පිසීමට ගතවන කාලය සහ ගෑස් ප්‍රමාණය 25% කින් පමණ අඩු වේ.
භාජනයේ ප්‍රමාණය සහ දැල්ල
කුඩා භාජනයක් සඳහා ලොකු දැල්ලක් තැබීමෙන් භාජනයට පිටතින් තාපය අපතේ යයි. භාජනයේ ප්‍රමාණයට ගැලපෙන පරිදි දැල්ල පාලනය කරන්න.
පිසීමට පෙර දේවල් සූදානම් කරගන්න
ගෑස් ලිප පත්තු කිරීමට පෙර එළවළු කැපීම සහ අනෙකුත් සූදානම් කිරීම් අවසන් කරන්න. ලිප පත්තු කර තිබියදී බඩු සොයන්නට යාමෙන් විශාල ගෑස් ප්‍රමාණයක් අපතේ යයි.

Post a Comment