කුඩා දරුවන් සහ සුරතලුන් අතර ඇති බැඳීම් පිළිබඳ බොහෝ පුවත් අප අසා තිබෙන්නේ සුරංගනා කතා සහ විවිධ චිත්‍රපටිවලයි.
නමුත් සැබෑ ලෝකයේත් එවැනි සුන්දර බැදීමක් පැවතිය හැකි බව ලොවටම පෙන්වූ දැරියක් මෙරට ගම්මානයක ජීවත් වන බව ඔබ දන්නවාද?
ඉත්තෑ සුරතලෙකු නිසා ලොව පුරා ජනප්‍රිය වූ ඇය සොයා හිරු ප්රවෘත්ති අපි ගිය ගමනක තොරතුරුයි මේ
මේ පුංචි ශ්‍රේතා පුන්සඳී... හත් හැවිරිදි මේ පුංචි මල් කැකුළ ජීවත් වන්නේ පොළොන්නරුව ලංකාපුරු 14 ඇළ සුන්දර ගම්මානයේ.
මේ පුංචි ශ්‍රේතා පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ලෝකයක අවධානය මෙන්ම ආකාර්ශනයද දිනා ගත්තා.
ඒ ඇගේ මේ පුංචි සුරතලා නිසයි. මේ පුංචි ශ්රේතාගේ ආදරණීය සුරතලා ටුටූ.

පුංචි ශ්‍රේතා දිනෙක තම ආදරණීය සුරතලා සමග නිවස ඉදිරිපිට ඇති වෙල් යායේ දුව පැන සෙල්ලම් කරන දසුනක් ඇගේ මව විසින් පටිගත කර තිබුණා.
අදාළ වීඩියෝ පටය පුංචි ශ්රේතාගේ පියා සමාජ මාධ්‍යට මුදා හැර තිබූ අතර එම වීඩියෝ පටය බංගලාදේය ඇතුළු ලොව පුරා මිලියන සංඛ්‍යාත පිරිසක් නරඹා තිබුණා.
සමාජ මාධ්‍යවල බොහෝදෙනා මේ පුංචි ශ්‍රේතා බංගලාදේශ දියණියක් ලෙස හඳුනාගෙන හිටියත් පසුව ඇය අපේම ආදරණීය ශ්‍රී ලාංකික දියණියක් බව හෙළිවුණා
අද මේ පුංචි ශ්රේතාව සොයාගෙන හිරු ප්රවෘත්ති අපි පොළොන්නරුව ලංකාපුරු 14 ඇල කියන සුන්දර ගම්මානයේ ඇගේ නිවසට ගියා.
අපි එහි යන විටත් මේ පුංචි මල් කැකුළිය තම සුරතලුන් සමගින් ආදරයෙන් සෙල්ලම් කරමින් සිටියේ මෙලෙසින්
ශ්‍රේතා මේ වන විට දෙක ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.
ඇගේ ආදරණීය සුරතලා බවට පත්වෙලා තියෙන්නේ මේ ඉත්තෑවායි.
දිනක් මේ ඉත්තෑ පැටවා නිවසට ආ අවස්ථාවේ දී බල්ලන් සපා කෑමෙන් තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූ මේ ඉත්තෑ පැටියා ශ්රේතාගේ පවුලේ සාමාජිකයින් විසින් ආදරයෙන් රැක බලා ගත්තා
පුංචි ශ්‍රේතා පාසැල් යන විට නිවසින් පිටවෙන මෙම ආදරණීය සුරතලා නැවතත් සන්ධ්‍යා කාලයේ දී නිවසට පැමිණෙන්නේ තම මිතුරියත් සමග සෙල්ලම් කිරීමේ බලාපොරොත්තුවෙන්.
මේ පුංචි දියණිය තමන්ගේම සහෝදරයාට මෙන් ආදරයෙන් මේ පුංචි ඉත්තෑ පැටවාට සලකන බවයි ඇගේ මව පවසන්නේ.
මේ අපූරු මිත්‍රත්වය හරහා ඔවුන් මේ වන විට ලොවක් ආදරය කරන දෙපලක් බවට පත්ව හමාරයි.
සත්ත්ව හිංසනය ගැන මුලු ලෝකයක් කතා වෙද්දී මේ පුංචි දියණිය වැඩිහිටි ලෝකයටත් පෙන්වා දෙන්නේ විශාල ආදර්ශයක්.

Post a Comment