අද සමාජයේ ඉන්න බොහෝ දෙනෙක්ට යන්තම් වයස අවුරුදු 40 පැන්න ගමන්ම දණහිස් අමාරු, කොන්දේ කැක්කුම් ඇති වීම දැන් සුලභ තත්වයක් වෙලා. මේ නිසා මිනිසුන් කොච්චර නම් දුක් විඳිනවාද කිව්වොත් , ඔවුන්ට උයන්න පිහන්න විනාඩි දහයක් එක දිගට හිටගෙන ඉන්න බැහැ. පඩිපෙළක් නඟින්න බැහැ.
මේකට ප්‍රධානම හේතුවක් තමයි ඔස්ටියෝආතරයිටිස් (Osteoarthritis) කියන සන්ධි ආශ්රිත රෝගී තත්ත්වය. ලෝක ජනගහනයෙන් වයස අවුරුදු 30 ට වැඩි අයගෙන් 6 දෙනෙකුගෙන් එක්කෙනෙකුටම මේ රෝගය බලපානවා.
මෙච්චර කල් මේ ලෙඩේට තිබුණු එකම ප්‍රතිකාරය වුණේ, තාවකාලිකව වේදනාව නැති කරන බෙහෙත් බොන එක හරි, නැත්නම් ලොකු මුදලක් වියදම් කරලා සන්ධි මාරු කිරීමේ සැත්කම් (Joint Replacement Surgeries) කරන එක විතරයි. හැබැයි දැන් මේ තත්ත්වය සදහටම වෙනස් කරන්න පුළුවන් සොයාගැනීමක් විද්‍යාඥයන් විසින් සිදුකරගෙන යමින් තිබෙනවා.

🛑 දණහිස් අමාරුවලට ස්ථිර විසඳුමක් ගෙනෙන නවතම විද්‍යාත්මක පරීක්ෂණය!
මේක ෆේස්බුක් එකේ බොරුවට ෂෙයාර් කරන බොරු නිව්ස් එකක් එහෙම නෙවෙයි. මේ පර්යේෂණය කරන්නේ , ඇමරිකාවේ University of Colorado at Boulder ඇතුළු පර්යේෂකයන් කණ්ඩායමක්. 🧪 මෙම ව්‍යාපෘතිය ඇමරිකාවේ Advanced Research Projects Agency for Health (ARPA-H) ආයතනය විසින් අරමුදල් සපයන NITRO (Novel Innovations for Tissue Regeneration in Osteoarthritis) වැඩසටහනේ කොටසක්. මෙහි ප්‍රධාන පර්යේෂකයා ලෙස ප්‍රොෆෙසර් ස්ටෙෆනි බ්‍රයන්ට් (Prof. Stephanie Bryant) කටයුතු කරන අතර, ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 33.5ක පමණ අරමුදලක් වෙන් කර තිබෙනවා.
ඔවුන් , සන්ධිවල ගෙවී ගිය කාටිලේජ (Cartilage) සහ ඇටකටු නැවත වර්ධනය කරවීම සඳහා අලුත්ම ප්‍රතිකාර ක්‍රම දෙකක් අත්හදා බලමින් සිටිනවා.
මේ විද්‍යාඥයන් සොයාගෙන ඇති නව ක්‍රමවේදයන්-
පාලනය කළ හැකි එන්නතක් (Injectable Treatment) - සන්ධියට ඇතුළු කරන එක එන්නතකින් මාස කිහිපයක් තිස්සේ ක්‍රමයෙන් බෙහෙත් මුදාහැරීමට හැකියාව පවතිනවා.
ප්‍රෝටීන තාක්ෂණය (Engineered Proteins) - හානිය දැඩි සන්ධි සඳහා විශේෂ ප්‍රෝටීන ද්‍රව්‍යයක් ඇතුළු කළ විට, එය එතනම ඝන වී ශරීරයේම තියෙන සෛල (Progenitor cells) එකතු කරගෙන සන්ධිය අලුත්වැඩියා කිරීමට දායක වෙනවා.
🤔 ඇයි මේ පර්යේෂණය මෙච්චරම වැදගත්?
අපේ සන්ධි එකිනෙක ඇතිල්ලෙන්නේ නැතුව තියාගන්න මැදින් රබර් වැනි මෘදු "කාටිලේජ" තට්ටුවක් පිහිටලා තියෙනවා. වාහනයක ෂොක් ඇබ්සෝබර් එකක් වගේ. වයස යද්දී මේ රබර් තට්ටුව ගෙවිලා යනවා. මෙච්චර කල් වෛද්‍ය විද්‍යාවට බැරි වුණා මේ ගෙවුණු කාටිලේජ තට්ටුව ආයෙත් වර්ධනය කරන්න.
හැබැයි මේ අලුත් පර්යේෂණවල ඉලක්කය වෙන්නේ වේදනාව නැති කරන එක විතරක් නෙවෙයි, ගෙවිලා ගිය කාටිලේජ තට්ටුව නැවත ස්වාභාවිකවම වර්ධනය (Full regeneration) කරවීමයි.
සරල උදාහරණයක් - අපේ බයිසිකල් ටයර් එකක් ගෙවුණම අපි කරන්නේ ඒකට හක්කක් දාන එක හරි පැච් එකක් දාන එකනේ. හැබැයි මේ ක්‍රමයෙන් උත්සාහ කරන්නේ, ගෙවුණු ටයර් එකට බෙහෙතක් දැම්මම ටයර් එකේ රබර් තට්ටුව ආයෙත් අලුත්ම ටයර් එකක් වගේ ඉබේම වැවෙන්න සලස්වනවා වගේ වැඩක්!
📅 මේ ප්‍රතිකාරය සාමාන්‍ය රෝගීන්ට ලැබෙන්න කොපමණ කල් යයිද?
සතුන් (Animal studies) යොදාගෙන කරපු මූලික පරීක්ෂණවලදී සති 4 ත් 8 ත් අතර කාලයකදී සතුන්ගේ සන්ධි සාර්ථකව යථා තත්ත්වයට පත් කිරීමට පර්යේෂකයන් සමත් වී තිබෙනවා.
නමුත් අප මතක තබා ගත යුතු වැදගත්ම දේ - සතුන්ට සාර්ථක වූ පරීක්ෂණයක් මිනිසුන්ට ප්‍රායෝගිකව භාවිත කිරීමට පෙර අදියර කිහිපයකින් යුත් සායනික පරීක්ෂණ (Human Clinical Trials) සිදු කළ යුතුයි. පර්යේෂකයන් පවසන අන්දමට ඉදිරි මාස 18 ඇතුළත එහි මූලික මිනිස් සායනික පරීක්ෂණ ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
එම නිසා, මෙම ප්‍රතිකාර ක්‍රමය සාමාන්‍ය රෝහල් මට්ටමින් අපට ලබා ගැනීමට තවත් වසර කිහිපයක දීර්ඝ කාලයක් සහ තවදුරටත් පුළුල් පර්යේෂණ සිදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. කෙසේ වුවත්, මෙය අනාගතයේදී ඔස්ටියෝආතරයිටිස් රෝගය ලෝකයෙන්ම තුරන් කිරීමට තැබූ ඉතාමත් සාර්ථක බලාපොරොත්තු සහගත පෙරනිමිත්තක්!
Credit goes to respective owners

Post a Comment