අපි ගොඩක් වෙලාවට මේ දේවල් තේරුම් ගනිද්දී වයසට ගිහින් ඉවරයි. හැබැයි ඔයාට තාම කල් තියෙනවා. අවුරුදු 10ක් තිස්සේ ජීවිතේ මට උගන්වපු මේ පට්ටම වටිනා පාඩම් ටික, මම ඔයාට විනාඩියෙන් කියලා දෙන්නම්. කලින්ම දැනගත්තොත් ජීවිතේ ගොඩක් දුර වරදින්නේ නැතුව යන්න පුළුවන්.
1. ගොඩ එන්න අකමැති මිනිසුන්ව බලෙන් හදන්න යන්න එපා
සුව වෙන්න අකමැති ලෙඩෙක්ව කරේ තියාගෙන යන්න එපා. ඔයා අවුරුදු ගාණක් උත්සහ කරත්, තමුන් හැදෙන්න වුවමනාවක් නැති මිනිහෙක්ව ලෝකේ කාටවත් හදන්න බැහැ. අන්තිමට වෙන්නේ දන්නෙම නැතුව ඔයාගේ ජීවිතේ වටිනා අවුරුදු කිහිපයක් විනාශ වෙලා, ඔයත් මානසිකව ලෙඩ වෙන එක විතරයි. ආදරයෙන් උදව් කරන්න, හැබැයි බලෙන් වෙනස් කරන්න කාලය කන්න එපා.

2. අනුන්ගේ ප්‍රශ්න ඔලුවට දාගෙන මෝඩයෙක් වෙන්න එපා
ප්‍රශ්නයක් ආපු ගමන් මුලින්ම හිතන්න, "මේක ඇත්තටම මගේ ජීවිතයට වද වෙන්න වටින දෙයක්ද?" කියලා. එහෙම නැත්නම් ඒක ඒ මොහොතේම අතඇරලා දාන්න. තමන්ගේ මානසික සැනසීම පාවා දීලා, හැම එකාගේම ප්‍රශ්න තමුන්ගේ ඔළුවට දාගන්න මෝඩයෙක් වෙන්න එපා. තමන් ගැන වුණත් ඕනවට වඩා සීරියස් ගන්න එපා. ජීවිතේ කියන්නේ විඳවන්න තියෙන දෙයක් නෙවෙයි, විඳින්න තියෙන ගමනක්!
3. ප්‍රශංසාවටත්, නින්දාවටත් දෙකටම නොරැවටෙන්න
ජීවිතේ ගොඩක් අය වරද්දාගන්න තැනක් තමයි මේක. ලෝකය ඔයාට ප්‍රශංසා කරද්දී ඒක කවදාවත් ඔලුවට ගන්න එපා. මොකද ප්‍රශංසාවයි, නින්දාවයි අතර තියෙන්නේ කෙස් ගහක වෙනසක්. අද ඔයාට අප්පුඩි ගහන මිනිස්සුමයි හෙට ඔයා වටෙද්දී හිනාවෙන්නේ. ප්‍රශංසා කරද්දී නිහතමානීව ස්තූති කරන්න, හැබැයි ඒක ඔළුව ඇතුළට දාගෙන උඩ යන්න එපා.
4. නරක විහිළු සහ අපහාස එක මොහොතකින් නවත්තන්න
කාට හරි ඔයාට අපහාස වෙන විදිහේ නරක විහිළුවක් කරන්න ඉඩ දෙන්න එපා. එතනදී නිකන් බොරුවට හිනා වෙලා ඉන්නත් එපා. ඒ වෙලාවෙම ඔයාගේ අකමැත්ත කෙලින්ම මූණටම පෙන්නන්න. දිගින් දිගටම ඒ දේ කරනවා නම්, පැහැදිලි රේඛාවකින් ඔවුන්ව ඔයාගේ ජීවිතයෙන් වෙන් කරලා දාන්න.
5. අනුන් හිතන දේ ගැන වද වෙලා ඔයාගේ ගමන කල් දාන්න එපා
ඇත්තම කතාව මේකයි: මිනිස්සුන්ට ඔයා ගැන හිත හිත ඉන්න වෙලාවක් නැහැ, එයාලට එයාලගේ ප්‍රශ්න ඕන තරම් තියෙනවා. ඒ නිසා "මිනිස්සු මොනවා කියයිද" කියන බයට ඔයා කරන්න ඉන්න දේවල් කල් දාන්න එපා. "මම මේක පටන් ගන්නේ ලබන අවුරුද්දේ, ප්‍රශ්න ඉවර වුණාම..." කියන්නේ නිකන්ම කම්මැලිකම සහ බය විතරයි. අඩුපාඩු තියාගෙන හරි අදම වැඩේ පටන් ගන්න.
6. රස්සාවක් (Job) වෙනුවට, එක ක්ෂේත්රයක් (Industry) තෝරාගන්න
නිකන් අහුවෙන අහුවෙන රස්සාව කර කර ඉන්න එපා. උදාහරණයක් විදිහට, ඔයා මුලින් කඩේක වැඩ කරලා, ඊට පස්සේ ගාමන්ට් ගිහින්, අන්තිමට වීල් එකක් දිව්වොත්, ඔයාට හැමදාම ජීවිතේ පටන් ගන්න වෙන්නේ බිංදුවෙන්.
හැබැයි ඔයා එක ක්ෂේත්රයක් (උදාහරණයක් විදිහට සංචාරක කර්මාන්තය) තෝරාගෙන, මුලින් රූම් බෝයි, ඊළඟට බාර්මන්, ඊට පස්සේ ස්ටුවර්ඩ් විදිහට ඒක ඇතුළෙම ඉස්සරහට ගියොත් කාලයත් එක්ක ඔයා ඒ ක්ෂේත්රයේ විශේෂඥයෙක් (Expert) වෙනවා. මතක තියාගන්න, ලෝකේ ලොකුම පඩි ගෙවන්නේ හැමදේම ටික ටික දන්න අයට නෙවෙයි, එක දෙයක් ගැන සුපිරියටම දන්න අයට විතරයි!
7. "ඉස්කෝලේ කාලේ තමයි ජීවිතේ ලස්සනම කාලේ" කියන මිථ්‍යාවෙන් අයින් වෙන්න
ගොඩක් අය හිතන් ඉන්නේ ඉස්කෝලේ කාලේ හෝ කැම්පස් කාලේ විතරයි ජීවිතේ ලස්සන කියලා. ඒක සම්පූර්ණ බොරුවක්. තමන් අවංකවම ආදරය කරන කෙනෙක් එක්ක ජීවිතේ බෙදාගන්න දවස, තමුන් මහන්සියෙන් හම්බකරපු සල්ලිවලින් අම්මා තාත්තට සලකන දවස, තමන්ගේම දරුවෙක්ගේ මූණ මුලින්ම දකින දවස ඊට වඩා දාහක් ලස්සනයි. පරණ මතක වල විතරක් ජීවත් වෙන්න එපා, ජීවිතේ ඉස්සරහට තියෙන සුපිරිම දවස් මඟ ඇරගන්න එපා.
මතක තියාගන්න - ඔයාගේ ජීවිතේ එකම පාලකයා ඔයාම විතරයි! ඔයා මාරම වටිනා මිනිසෙක්. ඒ වටිනාකම රැකගන්න එක තියෙන්නේ ඔයා අතේ!
credit goes to respective owners

Post a Comment