ඒ තමයි අපේ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය (Passport) ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලින් කැපී පෙනෙන විදිහට ඉදිරියට ඇවිත් කියන එක!
ලෝකයේ තියෙන රටවල පාස්පෝට්වල බලය හෙවත් ප්‍රබලතාවය මනින ප්‍රධානතම දර්ශකයක් තමයි 'හෙන්ලි ගමන් බලපත්‍ර දර්ශකය' (Henley Passport Index) කියන්නේ. මේ නවතම දර්ශකයේ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාව මේ වෙද්දි 94 වන ස්ථානය දක්වා ඉහළට පැමිණෙන්න සමත් වෙලා තියෙනවා.
මේක ලංකාවට සුවිශේෂී වෙන්නේ නිකම්ම නෙමෙයි. 2014 වසරෙන් පස්සේ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය ලබාගත්තු ඉහළම ශ්‍රේණිගත කිරීම තමයි මේ විදිහට සටහන් වෙන්නේ.
2021 දී මොකද වුණේ? - පහුගිය කාලේ අපේ පාස්පෝට් එකට අත්වෙලා තිබුණු ඉරණම ගොඩක් අයට මතක ඇති. 2021 වසරේදී ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය මේ දර්ශකයේ 107 වන ස්ථානය දක්වාම පල්ලෙහාට වැටිලා තිබුණා.
ක්රමික වර්ධනයක් - හැබැයි එතැන් ඉඳන් හිමීට හිමීට අගය වැඩි කරගත්ත අපේ පාස්පෝට් එක, අද වෙද්දි මේ විදිහට 94 වැනි තැනට ඇවිත් තියෙන එක නම් ඇත්තටම රටක් විදිහට අපිට ලොකු සතුටක්.

ඉතින් මේ තත්ත්වයත් එක්ක ඉදිරියේදී අපේ පාස්පෝට් එකට තවත් රටවල් ගණනාවකට වීසා නැතුව (Visa Free) යන්න අවස්ථාව ලැබෙයි කියලා ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්!

Post a Comment