යටි පතුල්වල සහ විලුඹේ වේදනාව කියන්නේ මේ වන විට තරුණ වයසේ සිට බොහෝ දෙනෙකු අතර දැකිය හැකි තත්ත්වයක්. එවැනි වේදනාවල් වලට පිළියම් ඔබට නිවසේදීම කර ගත හැකි වන අතර එයින් විසඳුම් නොලැබෙන අවස්ථාවලදී සහ වේදනාව උග්‍ර වන අවස්ථාවලදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍ය වෙනවා. බොහෝ දුරට සාමාන්‍ය තත්වයක් ලෙස දැකිය හැකි මේ යටි පතුල් වල සහ විලුඹේ වේදනාවට නිවසේදීම ඔබට කර කරගත හැකි පිළියම් ගැනයි අද අපි කතා කරන්නේ.
යටි පතුල් වල සහ විලුඹේ වේදනාවට හේතු මොනවාද ?
වැරදි ඉරියව් වලින් ඇවිදීම
තරබාරුකම
නුසුදුසු සපත්තු , ගුණාත්මක භාවයකින් තොර සපත්තු පැළඳීම
අඩි උස සපත්තු බොහෝ වේලාවක් පැළඳ සිටීම
Bursitis
Neuroma
දියවැඩියාව
ආතරයිටිස්
මේ තත්ත්වය දැකිය හැකි වයස් කාණ්ඩ මොනවාද ?
මැදි වයසේ කාන්තාවන් සහ පිරිමින්
ශාරීරිකව නිතර ක්‍රියාකාරී පුද්ගලයන්
අධික බර සහ තරබාරු අය
දිගු වේලාවක් සිටගෙන සිටින අය
ගර්භනී කාන්තාවන්

යටි පතුල්වල සහ විලුඹේ වේදනාවට නිවසේදී කළ හැකි පිළියම් මොනවාද ?
කෝමාරිකා
කෝමාරිකා වල ස්වභාවයෙන්ම සුව කිරීමේ ගුණය සහ සිසිල් කිරීමේ ගුණය අඩංගු වෙනවා. කෝමාරිකා පත්‍රයේ මදය ගෙන හොඳින් පොඩි කර ඔබේ යටි පතුල්වල සහ විලුඹේ හොඳින් ආලේප කර විනාඩි දහයක් පමණ සම්භාහනය කරන්න.
ලැවෙන්ඩර් තෙල්
වේදනාව පාලනය කිරීමට සහ ස්නායු සමනය කිරීමට ඔබට ලැවෙන්ඩර් තෙල් භාවිතා කරන්න පුළුවන්. ලැවෙන්ඩර් තෙල් බිංදු කිහිපයක් පොල්තෙල් හෝ ඔලිව් තෙල් වලට මිශ්‍ර කර යටි පතුල් සහ විලුඹ හොඳින් සම්භාහනය කරන්න. නැත්නම් උණුසුම් ජලයට ලැවෙන්ඩර් තෙල් බින්දු කිහිපයක් එකතු කර විනාඩි පහළොවක් පමණ ඔබේ දෙපා එහි තබාගෙන සිටින්න.
ඉඟුරු
වේදනාව සමනය කිරීම සඳහා ඇති හොඳම ස්වාභාවික ප්‍රතිකාර වලින් එකක් ලෙස ඉඟුරු සැලකෙනවා. පිරිසිදු කරගෙන පෙති කපා ගත් ඉඟුරු කැබලි කිහිපයක් උතුරන වතුරේ දමා වතුර මදක් නිවුණු පසු ( මද උණුසුම් ) ඔබේ දෙපා එහි විනාඩි පහළොවක් හෝ විස්සක් තබාගෙන සිටින්න
අයිස්
දෙපා වල රුධිර සංසරණය ක්‍රමවත් කරමින් වේදනාව සමනය කිරීමට සහ පාලනය කිරීමට ඔබට අයිස් භාවිතා කරන්න පුළුවන්. මේ සඳහා අයිස් පිරවු බෑගයක් හෝ පැකට්ටුවක් ඔබේ යටි පතුල් , විලුඹ සහ ඇඟිලි මත මෘදු ලෙස තබන්න.
උණුසුම් තුවා
ඝනකම් රෙද්දකින් නිමවන ලද තුවායක් ගෙන උණුසුම් වතුරේ පොඟවා හොඳින් මිරිකා ගන්න. ඉන්පසු එම තුවායෙන් ඔබේ යටි පතුල් සහ විලුඹ හොඳින් තවන්න. විනාඩි දහයක් පමණ මෙය නැවත නැවත කිරීම මගින් බොහෝ දුරට සමනය කර ගැනීමට හැකියාව ලැබෙනවා.
credit goes to respective owners

Post a Comment