මෙරට බොහෝ දෙනා දඹදිව වන්දනාවේ යාමට හුරුව තිබෙනවා. ඒත් මේ ඇසෙන්නේ වෙනස්ම කතාවක්.
දඹදිව වන්දනාකරුවන් සඳහා දීර්ඝ කාලයක් තිස්සේ ලබාදී තිබූ මසක සහන වීසා පහසුකම් මේ වනවිට නතර කර තිබීම හේතුවෙන් දඹදිව වන්දනාකරුවන් අපහසුතාවය පත්ව තිබෙනවා. එසේම මෙරට විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයන්ද මේ නිසා දැඩි අසීරුතාවකට පත්ව ඇති බවයි විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර හල්ලොලුව ප්‍රකාශ කරන්නේ.
ඔහු එසේ ප්‍රකාශ කළේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදීයි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ හෙතෙම පැවසුවේ, මෙවැනි අදහසක්. "දඹදිව වන්දනාකරුවන් සඳහා ඉන්දීය රජය දීර්ඝ කාලයක් තිස්සේ නිදහස් වීසා බලපත්‍ර ලබා දුන්නා. බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි විදෙස් බෞද්ධ චාරිකා සංවිධායකයන් වන්දනාකරුවන්ගේ ලියකියවිලි රැගෙන ආ විට වීසා බලපත්‍ර ලබා ගැනීමට හැකියාව තිබුණා. එහෙත් දැනට මාස තුන හතරක කාලයක ඉඳලා නිදහස් සහන වීසා නිකුත් කිරීම සම්පූර්ණයෙන් නවතා දමා තිබෙනවා. ඒ වෙනුවට සාමාන්‍යයෙන් ඉන්දියාවට යන කෙනෙකු මෙන් වන්දනාකරුවන්ද තමාම කොළඹට පැමිණ වීසා ලබා ගත යුතුයි. සහන ක්‍රමය යටතේ තිබූ රුපියල් 3875ක වීසා ගාස්තුව වෙනුවට මේ තත්ත්වය හමුවේ රුපියල් 9850 ගෙවීමට සිදුවෙලා. අනෙක් ගැටලුව වෙනදා මුළු කණ්ඩායම වෙනුවෙන් චාරිකා සංවිධායකයන් වීසා බලපත් ලබාගෙන ගියා.."

Post a Comment