ඇය කාලයක් පුරා නිවසටම කොටු වූ තරුණියක්. ඇය ලෝකය දැක්කේ හරි අඩුවෙන්. ඒ නිසාම ආදරයට ඇයගේ ජීවිතයේ ලොකු හිස්තැනක් තිබුණා. තරුණයෙක් සමග සම්බන්ධතාවක් ඇති කරගැනීමට, ආදරය කිරීමට ඇයට වුවමනාවක් තිබුණත් ඊට ගෙදරින් අවස්ථාවක් ලැබුනේම නැහැ.
සුරූපී දියණිය වෙනුවෙන් මව්පියන් නිතරම සහකරුවෙක් සෙවූයේ කපුමහතෙකු මාර්ගයෙන්. ඔන්න ඒ වැඩේ හරියන්නේ නෑ කියලා තේරුණාට පස්සේ පොඩ්ඩක් තාක්ෂණයත් භාවිත කරලා දැන් ඉතින් මේ මව්පියන් මුහුණුපොතෙන් දුවට සහකරුවෙක් හොයන්න හිතලා.

ඒ අතරතුර ඇසෙන්නේ විශේෂ කතාවක්. ගෙදරින් තිබුණ බාධා මැඩගෙන ඇය ඔන්න රැකියාවකට යනවා. ඒ නුවර ප්‍රදේශයට. මේ කාලසීමාව තුළ සිදුවුණු සමහර දේවල්වලට නම් ඇස් අදහාගන්නත් බැරි වේවි. මේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්.
මිතුරන් දෙදෙනකුගේ ගමනකින් මඟුල් ඔත්තුව වැරදීමේ කතාවක් ගැන මේ ඇසෙන්නේ හරිම අපූරු කතාවක්. මේ සිද්ධිය මොරවක් කෝරළේ ගම්බද ප්‍රදේශයකින් අසන්නට ලැබුණා.
ඒ කතාව මෙසේයි..
මිතුරන් දෙදෙනා නිසි වයස් එළඹී ගැටවර වියේ තරුණයන් දෙදෙනෙක් වුණා. එක් මිතුරකුට පෙළවහක් කර ගැනීමට දැඩි අවශ්‍යතාවක් පැවැතියේ මවුපියන්ගේ ඇවිටිලි කිරීම නිසාමයි. මවුපියන්ගේ යෝජනාවලට තරුණයා කැමැති නොවුණේ යෝජිත තරුණියන් හැඩරුව මදි නිසා කිව්වොත් හරි. කොහොම හරි තමන්ම සහකාරියක සොයාගන්නට කටයුතු කිරීමට ඔහු සිතුවා.
මේ පිළිබඳව මිතුරාට කී ඔහු හොඳ පවුලකින් තරුණියක ජෝඩු කරදෙන ලෙස ඉල්ලීමක් කළා. ඉල්ලීම ගැන කල්පනා කළ මිතුරා මනාලියක සෙවීමට දන්නා හඳුනන කීප දෙනකුටම දැනුම් දුන්නා.
මේ අතර මිතුරාට තවත් යහළුවකු මුහුණු පොතෙන් හඳුනාගත්, විවාහ අපේක්ෂිත තරුණියක ගැන තොරතුරු දන්වනු ලැබූ අතරම යහළුවා දුන් තොරතුරු අනුව විවාහ අපේක්ෂිත තරුණිය මුහුණු පොතේ හැටියට ඉතා හැඩකාර ළඳ බොළඳ ළඳක් බව වටහාගත් විවාහ අපේක්ෂිත තරුණයා සහ මිතුරා නියම කරගත් දිනයක තරුණියගේ නිවසට යාමට පිටත් වුණා.
අසා දැනගත් මග සලකුණු ඔස්සේ නිවෙස සොයා ගිය ඔවුනට, දුෂ්කර ගමන් මාර්ගයක් සහිත කුඩා පොල් අතු නිවෙසකට ගොඩ වදින්නට සිදුවුණා.
නිවසේ හිමිකරු යැයි සැළකිය හැකි, වයසක පිරිමි අයකු ඉදිරියට පැමිණ "ආ මහත්තයල ඇයිද දන්නෙ නෑ ආවෙ? ඉඳ ගන්නකෝ," කියා කිව්වා. නිවසේ වෙනත් කිසිවකු දකින්නට නොසිටි අතර මිතුරෝ විමසිලිමත්ව නිවසේ ආලින්දයේ තිබූ අබලන් පුටු දෙකක අසුන් ගත්තා.
"අපි ආවෙ ෆෙස් බුක් එකේ තිබුණ මඟුල් යොජනාවක් සොයා බලන්න, යැයි මිතුරන් දෙදෙනාගෙන් එක් අයකු කථාව පටන් ගත්තා.."
"අනේ මහත්තයෝ ආව එකට නම් බොහොම පින්. ඒ දැන්වීම දාල දැන් අවුරුදු දෙකක් වෙනවා."
" කෝ ඉතින් දුව?," මිතුරා විමසන්නට වුණා.
"කෙල්ල නුවර පැත්තෙ ගාමන්ට් එකක වැඩ කළා. ඒ අතරෙ යාළු වෙච්ච කොල්ලෙක් එක්ක ඒකි පැනල ගිහිල්ල. දැන් කෙල්ලට අවුරුද්දක දරුවෙකුත් ඉන්නවා. අපි මඟුල් ඔත්තු හොයන අතරෙ තමයි ඒකි ගෙදරටත් හොරා දීග ගියේ."
මිතුරන් දෙදෙනා මුහුණට මුහුණ බලාගෙන පුදුමයටත් ලජ්ජාවටත් පත්වී "එහෙනම් අංකල් අපි ගිහින් එන්නම්. ෆේස් බුක් සටහන මකල දාන්න.." කියා ඉල්ලීමක්ද කළේ තවත් අය රැවටෙන්නත් අමාරුවේ වැටෙන්නත් ඉඩ තිබෙන බව කියමිනි.
"මදැයි කොළා. නියම මඟුල..." කියමින් මිතුරන් දෙදෙනා නිවසින් බැහැරව ආපසු ගමට ඒමට පිටත් වුණා.
මඟුල් සොයන්න ඕන හොඳට සොයා බලලා යැයි දෙදෙනා දෙදෙනාට කියා ගත්තා.
credit goes to respective owners

Post a Comment