ළමා කාලය කියන්නේ හීන පෝෂණය වෙන සුන්දරම කාලයයි. සමහර පුංචි හිත්වල තියෙන හීන කොයිතරම් ලොකුද කියලා දැක්කම අපේ හිත්වලට දැනෙන්නේ අමුතුම ආදරයක්, වගේම ලොකු පුදුමයක්.
ඔන්න ඉතින් සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනෙකුගේ හදවත් ස්පර්ශ කරපු, නෙතඟට ආඩම්බර කඳුළක් එක්ක හදවතට ලොකු සතුටක් ගෙනාපු ආදරණීය වීඩියෝ පටයක් අපේ ඇස ගැටුණා.
මේ පුංචි පැටියාගේ නම සයුල් විද්වාන් ගමගේ. ඉගෙන ගන්නේ තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලයේ 02 ශ්‍රේණියේ. මාතර, අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි මේ පුංචි සයුල් පුතා, මේ වෙද්දී මුළු සමාජ මාධ්යජාලාවලම අවධානය දිනාගන්න සමත් වෙලා තිබෙනවා.
ඊට හේතුව තමයි, හිරු මාධ්‍ය ආයතනයේ ප්රවෘත්ති විකාශය කෙරෙන ආකාරයටම හරිම අපූරුවට පුවත් පිටපත් තනියම ලියමින්, ඒ විදියටම හඬ පාලනය කරමින් ප්රවෘත්ති ඉදිරිපත් කිරීම.. 02 ශ්‍රේණියේ ඉගෙනගන්න පුංචි වයසකදී ඔහු දක්වන ඒහැකියාව සහ කැපවීම දැකපු ඕනෑම කෙනෙකුගේ හදවත ආඩම්බරයෙන් පිරී යනවා නොඅනුමානයි.

පුංචි කාලෙක ඉඳන්ම ප්රවෘත්ති කියන්නත්, ඒවා සමාජයට අරන් යන්නත් මේ පුංචි හිතේ තියෙන ආසාව ඇත්තටම පුදුමාකාරයි. පුංචි වයසට තියෙන මේ ලොකු හීනය කවදාහරි සැබෑ වෙලා, දවසක රටම අඳුනන, මුළු රටටම හඬක් වෙන අභිමානවත් ප්රවෘත්ති නිවේදකයෙක් සහ මාධ්‍යවේදියෙක් වෙන්න පුංචි සයුල් පුතාට ශක්තිය ලැබෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...

Post a Comment